හෝටන්තැන්නේ සතුන් සොරාගත් රුසියන් ජාතිකයන් රිමාන්ඩ්
04 March 2020
හෝටන්තැන්නේ සතුන් සොරාගත් රුසියන් ජාතිකයන් රිමාන්ඩ්
04 March 2020
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ සිටින දැනට මෙරටින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රතුදත්ත පොතට ඇතුළත් කර ඇති විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 ක් සහ ශාක කොටස් තොගයක් රැස්කර රැගෙන යාමට තැත් කළ රුසියානු ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ඊයේ(03) නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමෝද ජයසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.
සමනල විශේෂ 10ක් , ශාඛ වර්ග 7ක් ,කටුස්සන් 12 ක්, මකුළුවෝ වර්ග 28 ක්, කුරුමිණියන් 176 ක් එම සතුන් අතර සිටින බවත් මේවා විශේෂ බහාලුම්වල බහා මෙරටින් රැගෙන යාමට පියවර ගනිමින් තිබියදි වනෝද්‍යාන නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති බවත් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යාන භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය.
අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මිය නොගිය සතුන් නිදහස් කිරීමටත්, අනෙකුත් සතුන් හඳුනා ගැනීමට කෞතුකාගාරය වෙත යවීමටත්, ශාක කොටස් පේරාදෙණිය උද්භිද උද්‍යානයට භාරදීමටත්, සතුන් අල්ලා ගැනීමට භාවිතා කරන ලද රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් පියවර ගන්නා ලෙස මෙහෙදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරන ලදි.
මෙම සතුන් සහ ශාක කොටස් හොර රහසේ රුසියාවට රැගෙන ගොස් ජාන මංකොල්ලයක නිරතවීමට මොවුන් තැත් කර ඇති බව හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. කේ. ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පැවසුවේ ය.