brand logo

හොර හරක් ලොරිය පස්සේ එළවපු OIC ආණමඩුව නගරය මැද දී මරුට

05 November 2020

ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අද(05) අලුයම සිදුවු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ආණමඩුව - කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව ලොරි රථයක් පසුපස ලුහුබැඳයාමේදී මෝටර් රථය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) නම් නිකවැරටිය - ඉහළගම ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි. මිය ගිය ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ එම මෝටර් රථයේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාද ගමන් කර ඇත . තුවාල ලැබූ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට ආණමඩුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආනමඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.
 

More News..