brand logo

හොර වීසා වලින් ලංකාවේ සිටි බංගලි 12ක් කොටු

14 May 2019

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නේවාසික වීසා ව්‍යාජ ලෙස සකස් කර වසර ගණනක් ලකාවේ රැදී සිටි බංගලිදේශ ජාතිකයින් දොළොස් දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය මගින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත. සපුගස්කන්දේ හෝටල් දෙකක සේවකයන් ලෙස රැදී සිටි බංගලිදේශ ජාතිකයන් නව දෙනකු අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් ගැන තොරතුරු අනාවරණය වී ඇත්තේ මල්වානේ සපත්තු කම්හලක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට බංගලි ජාතික සත් දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදීය. සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම විදේශිකයින්ට මෙරට නේවාසික වීසා සහිත ස්ටිකරය සකස් කර ගුවන් ගමන් බලපත්‍ර වලට යොදා තිබී ඇත. මෙවැනි දෙයක් හමුවූ පළමු වතාව මෙය බව ආගමන විගමන දෙපාර්තමේන්තු සහකාර පාලක (නීති අංශය), ගයාන් මිලින්ද මහතා පවසයි. මෙම පිරිස අතර 2014, 2016 වසර වල පටන් මෙරට රැදී සිටින අයද වෙති. තිස්ස රවීන්ද්‍ර පෙ‌රේරා
 

More News..