brand logo

හොර වැඩ කරපු රේගු නිලධාරීන් දෙදෙනෙක් මාට්ටු

19 September 2020

  රේගුව හරහා කහ කිලෝ ග්‍රෑම් 33,000ක් පිට කිරීම සම්බන්ධයෙන් රේගු‍වේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා. මෙරටට ආනයනය තහනම්ව තිබියදී නීතිවිරෝධීව ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උඳු කිලෝ 3,000ක් සමග කන්ටේනර් රථ 3ක් ගබඩා සංකීර්ණයක තිබිය දී ඊයේ දින (18) පොලිස් භාරයට ගැනුණා. බ්ලුමැන්ඩල් පොලීසියට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ වාහන අංගනයක තිබී අඩි 40ක් දිගැති කන්ටේනර් රථ තුනක එම කහ තොගය සඟවා තිබිය දී මෙලෙස සොයාගැනුනා. මේ සම්බන්ධයෙන් මොහොමඩ් රිස්වි නැමැති පුද්ගලයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු බ්ලුමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලබුවා. කහ තොගය සහ අනෙකුත් ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සිට මීට දින තුනකට පෙර මෙරටට ගෙන්වා ඇති අතර මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම භාණ්ඩ ආනයනය කර ඇති බව සොයාගෙන තිබෙනවා.
 

More News..