brand logo

හොර රහසේ කොරෝනා එන්නත් ලබාගැනීමක් පුත්තලමෙන්

13 June 2021

එන්නත් කරන ක්‍රමවේදයෙන් පරිබාහිරව ඇතැම් දේශපාලඥයින්ගේ පුද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ වයඹ පළාත තුළ සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බවය. මේ අතර දේශපාලකයින්ගෙන් යම් යම් උපකාර ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන් විසින් තිබෙන බලය අවභාවිතාවක් කරන බව මෙන්ම එය වයඹ පළාත තුළ සිදුවීමෙන් මනා ලෙස පෙන්නුම් කෙරෙන බවද සඳහන් කරයි. උපුල් රෝහණ මහතා , "මේ ලැබුණු එන්නත් තොගය මේ රටේ මරණ අඩුකර ගැනීමට සහ රෝගීන් අඩුකර ගැනීමට භාවිත කරනවා වෙනුවට දේශපාලකයින්ගෙන් යම් යම් උපකාර ලබා ගැනීමට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විසින් භාවිත කරන ආකාරය පේන්න තියෙනවා. වයඹ පළාත තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මේකට හොඳ උදාහරණයක්. ඊයේ අපිට වාර්තා වුණා ඇතැම් දේශපලකයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ එන්නත් ලබා දෙනවා පුත්තලම දිස්ත්‍රික්කයේ."
 

More News..