brand logo

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දුන් තරුණයා රිමාන්ඩ්

11 June 2019

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයා ලබන 18 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඒම සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ හෙරොව්පාතාන පොලිසියි විසින් අත්අඩංගුවට ගත් සිය මාමාට අධිකරණයෙන් ඇප ලබා දෙන ඉල්ලා සැකකරු එම අල්ලස් මුදල ලබා දී ඇත. හෙරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබා දෙන බව පොරොන්දු වී රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබා දෙන අවස්ථාවේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..