brand logo

හොරෙන් රට පනින්න හැදූ පිරිසක් අත්අඩංගුවට

08 April 2021

නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 6 වනදා සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. මුලතිව්, යාපනය සහ මන්නාරම , වාලච්චේනය, වත්තල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් ය. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 ක්, කාන්තාවන් 4 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙක් සිටියි. මෙම නීතිවිරෝධි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව නාවික හමුදාව පවසයි.
 

More News..