brand logo

හොරෙන් ගොඩකළ ඉඩම් වලට නඩු

27 September 2020

ගෙවුණු වසර හතරක කාලයේදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පහත් බිම් අක්කර 68යි රූඩ් 2, පර්චස් 25ක් ගොඩ කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කර ඇත. 2015 ජනවාරි මස 10 සිට 2019 අප්‍රේල් 02 දින දක්වා කාලයේදී එම පහත්බිම් ගොඩකර ඇත. පහත් බිම් ඉඩම් අක්කර 369 රූඩ් 01 පර්චස් 03ක් ගොඩ කිරීම සඳහා ඒ කාලය තුළදී ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට ඉල්ලීම් කර තිබේ. කෙසේ වෙතත් එම අධිකාරියෙන් අවසර නොගෙන බලහත්කාරයෙන් පහත් බිම් අක්කර දහයකට අධික ප්‍රමාණයක් ගොඩකර ඇති බව වාර්තා විය. ඒ සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ඔවුන්ට එරෙහිව නඩු 59ක් ගෙවුණු වසර හතර තුළ පනවා ඇත. චමින්ද සේනාරත්න
 

More News..