brand logo

හොරු අල්ලන්න ගිහිල්ලා හොරු ටික එකතුවෙලා මාව හිරේ දැම්මා මල්ලී

17 January 2020

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් අද පියවර ගෙන තිබේ. ඒ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීම හා මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සැකකටයුතු සංයුක්ත තැටි, දෘඩ තැටි හා ලිපිලේඛන සොයාගැනීමේ සිද්ධියට අදාල නඩුවට පෙනී සිටීම සඳහාය. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 5 වනදා මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම පිස්තෝල ගිනි අවිය සහ සැකකටයුතු භාණ්ඩ සොයාගෙන තිබුණි. ඒ අනුව එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණු අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරුණි.‍ අද දින ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යන අවස්ථාවේදී ''හොරු අල්ලන්න ගිහිල්ලා හොරු ටික එකතුවෙලා මාව හිරේ දැම්මා මල්ලී'' ලංකාවේ හොරු අල්ලන්න යන එක බෙල්ල ගහලා යන වැඩක් යනුවෙන් ප්‍රකාශ කළේය. https://youtu.be/-83YHHhypB0
 

More News..