brand logo

හොරණ මහජන බැංකුවේ නිලධාරීන් 3ක් නිරෝධායනයට

26 October 2020

මොරගහහේන නගරයෙන් ඊයේ (25) හමුවූ කොවිඩ් ආසාදිත මත්ස්‍ය වෙළෙන්දා පසුගිය සතියේ හොරණ නගරයේ මහජන බැංකුවට පැමිණී බවට හෙළි විම නිසා එම බැංකුවේ සේවයේ නියුතු ආරක්‍ෂක නිලධාරියකු සහ බැංකු නිලධාරින් දෙදෙනෙකු අද දින (16) ස්වයං නිරෝධායනයට ලක්කළ බව හොරණ නගර සභාවේ ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.ජී.එන්.කුමාර මහතා පැවසීය. මෙම පුද්ගලයා පසුගිය (20) දින මහජන බැංකුවට පැමිණ ආරක්‍ෂක නිලධාරීයා සමග කතාබහ කරමින් සිටින ආකාරය සහ බැංකු නිලධාරීන් දෙදෙනා සමග කතාබහ කරමින් ගණුදෙනු කරන ආකාරය සිසිටිවි දර්ශන වල පටිගත වි තිබිම නිසා මෙසේ මෙම නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක්කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පවසයි. මේවන විට අදාළ බැංකුව ඇතුළත සහ පිටත පරිශ්‍ර සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර සෞඛ්‍යාරක්‍ෂිත බව තහවුරු කර ඇතැයි ද හොරණ නගරයේ බැංකු වෙත පැමිණීමට ජනතාව කිසිසේත්ම අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි ද එසේ පැමිණෙන ජනතාව සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිවැරදිව අනුගමනය කරන මෙන් ද ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.ජී.එන්.කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.   මංගල එදිරිසිංහ - අගුරුවාතොට
 

More News..