brand logo

හොරණ නගරයේ ඩෙංගු පැතිරීමේ අවදානමක්

30 June 2020

පසුගිය සති අන්තයේ හොරණ නගර සභා බල ප්‍රදේශය තුල සිදුකල විශේෂ ඩෙංගු මර්දන පරීක්ෂාවකදී මදුරු කීටයින් බෝවීමට ඉඩ පහසුකම් තිබූ ස්ථාන පරිශ්‍ර හාරසිය හතළිස් හතක් (447)සොයාගත් බව හොරණ නගර සභා සෞඛ්‍ය අංශ ප්‍රධාන, මහජන සෞඛ්‍ය පරීක්ෂක, කේ ජී කුමාර මහතා පැවසීය. මෙහිදී බල ප්‍රදේශයේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, පාසල් ,රජයේ සහ පෞද්ගලික ආයතන, ඉදිකිරීම් වැඩ බිම් ,ආගමික ස්ථාන ඇතුළු ස්ථාන අටසිය දාහතක් (817) හදිසි පරීක්ෂාවට ලක් කෙරුණි. මෙම පරීක්ෂාකිරීම තුළදී මීට අමතර ව මදුරු කීටයින් සිටි ස්ථාන 45ක් බල ප්‍රදේශය තුළින් හමුවීම ඩෙංගු රෝග පැතිර යාමේ අවදානමට තවත් හේතුවක් වී ඇත. මෙහිදී ස්ථාන තුන් සිය හැට හතරක් (364)එම දිනය තුළදී ම පිරිසිදු කිරීමට කටයුතු තිබූ අතර ස්ථාන දහයක් සඳහා රතු නිවේදන නිකුත් කිරීමටද සිදු කෙරුණි. කෙසේ වෙතත් දිගින් දිගටම අපිරිසිදු ව පවතින මදුරු කීටයන් සහිත ස්ථාන විස්සක (20)ක පදිංචිකරුවන්ට එම මොහොතේම නඩු පැවරීමට ද කටයුතු කළ බැව් සෞඛ්‍ය අංශ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ .ජී. එන් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චානක චානක මල්ලිකාරච්චි මහතාගේ සහ හොරණ නගරාධිපති විතාරමගේ සිරිසෝම මහතා ගේ උපදෙස් පරිදි සිදු කළ මෙම විශේෂ වැටලීම සඳහා හොරණ සහ මොරගහහේන පොලිසිය, හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හොරණ නගර සභා සෞඛ්‍ය අංශය, පැලවත්ත යුධ හමුදා කඳවුරේ හමුදා භටයින් ඇතුළු නිලධාරීන් මහත් මහත්මින් පනස් පස් දෙනෙකු මෙම වැටලීම සඳහා සහභාගි වූහ. මංගල එදිරිසිංහ - අඟුරුවාතොට
 

More News..