brand logo

හොරට රට පැන්න ලාංකිකයන් පිටුවහල් කරන්න යයි

03 July 2020

ලේඛනගත නොවී අක්‍රමවත් ලෙස විදේශතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැසක් අදාළ රටවල් වෙතින් පිටුවහල් කිරීමේ අවදානමට මුහුණදී සිටින බව විදේශ ලේකම් රවිනාථ ආරියවංශ පවසයි. මෙලෙස අක්‍රමවත් මාර්ග ඔස්සේ විදේශගතව සිටින පිරිස් මේවනවිට එම රටවලදී වෛද්‍ය සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට නුසුදුස්සන් බවට පත්ව සිටින බවත් විදේශ ලේකම්වරයා සඳහන් කළේය. ලේකම්වරයා මෙම අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේදී විදේශ රැකියා නියුක්තියේ කාර්යභාරය, අභියෝග සහ අවස්ථා’ යන තේමාව යටතේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ (OPA) 33 වැනි සැසිවාරය අමතමිනි. මෙම ශ්‍රමිකයන්ගෙන් බහුතරයක් විදේශගතවී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී බවත්, ඇතැමෙක් රටින් පිටව යන මොහොතේ ලියාපදිංචිය ඇති නමුත් පසුව ලියාපදිංචිය අලුත් නොකරන්නට ඇති බවත් විදේශ ලේකම්වරයා සඳහන් කළේය.   නයන තරංග ගමගේ  
 

More News..