brand logo

හොඳ හිත පෙන්නලා තරුණියක් විකුණා සල්ලි ගැරූ ගණිකාවක්

15 November 2022

තරුණියක් බලෙන් රදවාගෙන ලිංගික ක්‍රියාවලට යොමුකරලා

19 හැවිරිදි තරුණියක් රවටා දෙහිවල ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් එහි කාමරයක  දින 5ක් තිස්සේ  බලහත්කාරයෙන්  රඳවාගෙන ඇයව මුදලට අලෙවි කළ ගණිකා වෘත්තියේ යෙදෙන 42 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි. තරුණිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත කඹුරුගමුව පදිංචි දහනම හැවිරිදි තරුණිය ඇය ආදර සබඳතාවයක් පවත්වන වැලිගම ප්‍රදේශයේ තරුණයකු සමඟ ඉකුත් පස් වෙනි දින කොළඹ පැමිණ ඇති අතර   එදින රාත්‍රියේ ඇයව බස් රථයෙන් දෙහිවල ප්‍රදේශයෙන් බස්සවා  පෙම්වතා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. තරුණිය ඇයගේ මාමා පදිංචි දෙහිවල නැදිමාල ප්‍රදේශයට පාගමනින්  යන අවස්ථාවේදී ඇය පසුපස සුදු පාට මෝටර් රථයක් පැමිණ ඇති අතර  ත්‍රීරෝද  රථයකින් පැමිණි සැකකාර කාන්තාව ඇයට කතා කර "කොහෙද යන්නෙ" කියා විමසා  මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයන් ඇය හඳුනන බවත් ඔවුන් හොඳ නැති පුද්ගලයන් බවත්  මාමාගේ නිවසට ඇරලවන්නම් කියා පවසා ඇයව තිරෝද රථයක නංවාගෙන  තිබූ බව පොලිසිය පවසයි මද වේලාවක දී එම කාන්තාව තමන්ව ඇය නවාතැන් ගෙන සිටින කාමරයට රැගෙන ගිය බවත්  පසුදින දෙහිවල නගරයේ පෞද්ගලික බැංකුවක් අසල ඇති හෝටලයකට රැගෙන ගොස් කාමරයක් කුලියට ලබාගෙන  දින 4ක කාලයක්  රඳවාගෙන සිටි බව ඇයගේ ප්‍රකාශයේ සඳහන් වේ එකී දින 4ක කාලය  තුළ තරුණියව පුද්ගලයන් සිව්දෙනෙකුට ලිංගික ක්‍රියාවන් සඳහා යොදවා  මුදල් ලබාගෙන තිබූ බවත් අනාවරණ වූ බව පොලිසිය පවසයි. කාන්තාවගෙන් බේරීමට නොහැකි වූ තැන අතවරයට පත් තරුණීය සැකකාරිය නිදා ගැනීමෙන් අනතුරුව සැකකාරියගේ ජංගම දුරකථනය හොර රහසේ  රැගෙන  මවගේ දුරකථනයට  තමන්ව බේරා ගන්නා කියා කෙටි පණිවිඩයක් යොමුකර තිබූ බව පොලිසිය කියයි කාන්තාවගේ මව විසින්  කෙටි පණිවිඩය පැමිණි දුරකථනයෙ අංකය ලබාදෙමින්  දෙහිවල සිටින සහෝදරයට මේ බව දැනුම් දීමෙන් අනතුරුව දැරියගේ මාමා විසින් එම දුරකතනයට කතා කිරීමේදී   නිදා සිටි කාන්තාව අවදිවී  ගැනුම්කරුවකු යැයි සිතා  රුපියල් තිස් පන්දාහක් රැගෙන එන්න දෙහිවල  ජයසිංහ ක්‍රීඩාංගණය ආසන්නයේ තිබෙන හෝටලයක නමක් සඳහන් කර තිබු බව පොලිසිය කියයි අතවරයට පත් තරුණියගේ මාමා විසින් ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ජංගම සංචාරයේ නිරත නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ආ බව පොලිස් නිලධාරියකු පැවැසීය 42 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකාරිය  මාතලේ අළුවිහාර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්,රැකියාව ලෙස ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
 

More News..