brand logo

හේමසිරි සහ පූජිත් 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

03 February 2020

සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු මේ මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි. කේ. කාහියන්ගල මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබිණ. එහිදී සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් මේ මස 05 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බව දැනුම් දුන්නේය.
 

More News..