brand logo

Update : හේමසිරිට සහ පූජිත්ට එරෙහි පෙත්සම් සළකා බැලීම ලබන 25 වැනිදා දක්වා කල්යයි

12 July 2019

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට චෝදනා කරමින් මොවුන්ට එරෙහිව විවිධ පාර්ශව විසින් ගොනු කළ පෙත්සම් 12 ක් අද කැඳවනු ලැබුවේය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා ලබන 18 වනදාට පෙර ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකාර පාර්ශවයට නියම කර ඇත. එම විරෝධතා වලට යම් ප්‍රතිවිරෝධතාවක් තිබේනම් ඒවා ද ලබන 23 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නියම කර ඇත. Update : 01:00pm ----------------------------------------------------------------------------------------------------------------------------- හේමසිරි - පූජිත්ගේ පෙත්සම් සළකා බැලීම ඇරඹෙයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 විභාග කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීය. Update : 12:16pm -------------------------------------------------------------------------------------------------------------------------------- හේමසිරි - පූජිත්ගේ පෙත්සම් සළකා බැලීම අද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (12) පෙරවරු 11.00 ට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලීමට නියමිතය. පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. පසුගිය ජුලි මස 08 වනදා එම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කෙරුණි. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත්කර ඇති විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් වනුයේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය.
 

More News..