brand logo

හේමසිරිට සහ පූජිත්ට ඇප දුන් නියෝගයට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන අයදුම්පතක්

09 July 2019

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පැවසුවේ ඒ සදහා කටයුතු කරන බවයි. ඒ, කොළඹ මහාධිකරණය හමුවේයි. අත්අඩංගුවට ගනු ලැබූ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09) නියෝග කළේය
 

More News..