brand logo

හෙරොයින් සහ මත්පෙති සමග 5ක් අත්අඩංගුව

20 May 2019

දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම අසලදී හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෑන් රථයක ගමන් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අගති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 2ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 630 කි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල, කරන්දෙණිය සහ හක්මන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.
 

More News..