brand logo

හෙරොයින් සහ ගිනිඅවි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

25 August 2020

ගාල්ල තෙලවත්ත සහ රත්ගම යන ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කළේ අද (25) සිදුකළ මෙම වැටලීමෙන් හෙරොයින් කිලෝ 11ක්, ටී-56 ගිනි අවි 2ක්, ඒ සදහා භාවිතා කරන උණ්ඩ 82ක්, රිවෝල්වර 2ක්, මිලිමීටර් 9 ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ 39ක් පොලිස් භාරයට ගත් බවයි. මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
 

More News..