brand logo

හෙරොයින් සමග කරුවලගස්වැව ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

12 August 2019

කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු හෙරොයින් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ හෙරොයින් මිලිග්‍රෑම් 700 ක් සමග සැකකාර මන්ත්‍රීවරයා හෙරොයින් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 28ක් වු මුරුක්කුවටවන, කරුවලගස්වැව පුත්තලම ලිපිනයේ පදිංචි කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..