brand logo

හෙරොයින් ජාවාරමේ නිරත වූ එක්දරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

29 October 2019

සිය අත් බෑගය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.33 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 36 හැවිරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද (29) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී. කොළඹ, රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි පැට්‍රික් ඩේවිඩ් මේරි නැමැති 36 හැවිරිදි කාන්තාවකට මෙසේ දඬුවම් නියම විය. 2012 වසරේ ඔක්තෝම්බර් මස 01 වන දා රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි විත්තිකාරියගේ නිවස ඉදිරිපිට දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනූ ලෑබූ වැටලීමකදී ඈයගේ අත් බෑගය තුළ සගවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.33 ක් සහ රුපියල් එක්ලක්ෂ අසූ දහසක් මුදලක් ද අත්අඩංගුට ගෙන තිබුණි. ඉන් අනතුරුව ඇයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබීය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විත්තිකාරිය එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාත වී තිබෙන බව සඳහන් කළේය. දඬුවම් නියම කිරීමට පෙර විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකාරියට වයස අවුරුදු එක හමාරක් වයසැති දරුවෙකු සිටින බවත් එම කරුණ සුවිශේෂ කරුණක් සේ සලකා ඈයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අනතුරුව විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය. අධිකරණ වාර්තාකරු
 

More News..