brand logo

හෙරොයින් ජාවාරම්කිකරුවෙකුට මරණීය දණ්ඩනය

30 October 2019

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 9.06 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 38 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (30) මරණිය දණ්ඩනය නියම කරන ලදී. කොළඹ, රාජගිරිය, බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචි සුසන්ත ප්‍රියජනක කොස්තා නැමැත්තෙකුට මෙසේ දඬුවම් නියම විය. 2017 වසරේ මැයි මස 17 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රාජගිරිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 9.06 සමඟ මෙම විත්තිකරු අත්අඩංගු ගෙන තිබුණි. ඉන් පසුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබීය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව ප්‍රකාශ කළේය. දඬුවම් ප්‍රකාශ කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයා 38 වන වියේ පසුවන දෙදරු පියකු බැවින් එය සානුකම්පිත කරුණක් සේ සලකා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් මෙම විත්තිකරු සිදුකර තිබෙන වරදේ ස්වභාවය සලකා බැලීමේදී ඔහුට නීතියෙන් පනවා තිබෙන උපරිම දඬුවම වන මරණීය දණ්ඩනය නියම කිරීමට සිදුවන බවද විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් සිය තීන්දුවේ සඳහන් කළේය. (අධිකරණ වාර්තාකරු)
 

More News..