brand logo

හෙද වෘත්තිය වැඩිදියුණු කරන්න සැලසුම්

11 September 2020

මේරට නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා. තවද මෙරට කොවිඩ් පාලන ජයග්‍රහණය සඳහා රටක් ලෙස එම ජයග්‍රහණය ලැබුවේ විශිෂ්ට සෞඛය සේවය නිසා යැයි ආඩම්බරයෙන් පවසන බව ද අගමැතිවරයා අවධාරණය කර සිටිනවා. කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම හා හිස් වැසුම් පැළඳවීමේ උළෙල අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාව් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. “ඔබගේ සේවයේ වටිනාකම ඉදිරියේ දී තව තවත් වැඩි වෙනවා. වසංගත තත්ත්වයක දී පමණක් නෙවෙයි. විවිධ රෝගවලට මුහුණපාන රෝගීන් සුවපත් කිරීමට ඔබගේ දායකත්වය ඉතා වැදගත්. විශේෂයෙන් බෝනොවන රෝගවලින් පීඩා විදින රෝගීන් සුවපත් කිරීමටත් ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.“ “හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙළ මේ රජය යටතේ දැනටමත් අප සැළසුම් කර අවසන්. ඒ අනුව වසර තුනක ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් දක්වා උසස් කිරීමට අප රජය බලාපොරොත්තු වෙනවා. “ “එසේම ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදෙස් රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමවේදයක් අප සකස් කරනවා. ඔබටත් එහි කොටස්කරුවන් වීමේ භාග්‍ය උදා වෙනවා.“ යනුවෙන් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත.
 

More News..