brand logo

හෙද වැටුප් කප්පාදු කළොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක්

19 May 2020

හෙද හෙදියන්ගේ වැටුප් හා දීමනා කප්පාදු කිරීමට කටයුතු කළොත් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත පැවැසීය. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි වෙත ඊයේ (18 වැනිදා) ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කළේ මධ්‍යම රජයේ රෝහල්වල සේවය කරන හෙද කාර්ය මණ්ඩලයේ එම කප්පාදුව කැබිනට් අනුමැතියක් සහිතව සිදුකරන්නක් බව පෙන්වා දෙන බවයි. පළාත් ආණ්ඩුකාරවරුන් හා සෙසු ආයතනවල ඉහළ නිලධාරීන් විසින් එය සිදුකරන බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ. මේ තත්ත්වය පිළිබඳව අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය ඇමැතිවරිය දැනුවත් කර ඇති නමුත් අවම වශයෙන් සාකච්ඡාවක් වත් ලබාදී නොමැති බවද ඔහු පැවැසීය.   චාමර පල්ලෙගෙදර
 

More News..