brand logo

හෙදියන් දෙදෙනෙකුට කොරෝනා

09 October 2020

හොරණ මූලික රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන තිබේ. එක් හෙදියකගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන බවත් මේ වන විට ඔහුට සහ තවත් පවුලේ සාමාජිකයෙකුට කොවිඩි 19 ආසාදනය වී ඇත. අනෙක් කොවිඩ් ආසාදනයවූ හෙදිය හොරණ මූලික රෝහලේ සහය ඇතිව ගිලන් රථයක් මගින් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. පසුගියදා හොරණ මූලික රෝහල මගින් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල ඊයේ(08) සවස නිල වශයෙන් ලැබී තිබූ අතර එහිදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගන්නා ලදි.
 

More News..