brand logo

හෙට ෆයිසර් එන්නත ගන්න ඕන අය මෙතැනින් ලියාපදිංචි වෙන්න

23 September 2021

රිජ්වේ රෝහලෙන් වයස 12-19 දරුවන්ට විශේෂ පණිවිඩයක්

වයස අවුරුදු 12 - 19 අතර සංජානනීය ආබාධ හා නිධන්ගත රෝග ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු හෙට (24) සිට ඇරඹේ. දරුවන්ගේ එන්නත්කරණ කටයුතු සඳහා දිනයක් සහ වේලාවක් ලබාගැනීම වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා ඉල්ලීමක් කරයි. ෆයිසර් සඳහා ලියාපදිංචිය විවෘත වන්නේ වයස අවුරුදු 12-19 අතර විශේෂිත රෝගාබාධ සහිත ළමුන් සඳහා පමණක් වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ් අඩවියේ සඳහන් වේ. එන්නත් ලබාගැනීමට පැමිණීමේදී දරුවාගේ සියලුම වෛද්‍ය වාර්තා ද රැගෙන ආ යුතු අතර එන්නතක් ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට පෙර ඒවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් තක්සේරු කරනු ඇත. එබැවින් එන්නත සඳහා ලියාපදිංචි වීමෙන් එන්නත ලබා දෙන බවට සහතික නොවන බව අදාල වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ. එන්නත ලබා ගැනීම සඳහා නියමිත රෝගාබාධ ලැයිස්තුව බලන්න මෙතැනින් පිවිසෙන්න දරුවන්ට එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට අදාළ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න
 

More News..