brand logo

හෙට සි​ට සඳුදා දක්වා දිවයින පුරා සංචරණ සීමා

12 May 2021

හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එසේ වුවද එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා පැවසීය. ඊට අමතරව එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු කියා සිටියේය.
 

More News..