brand logo

සියලු රජයේ පාසල් වසයි

12 July 2020

සියලු රජයේ පාසල් හෙට (13 ) සිට එලඹෙන 17 වැනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටී. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..