brand logo

හෙට සිට සියලු දෙනාට දුම්රිය පහසුකම්

31 October 2021

සංචාරණ සීමා ඉවත් වීමත් සමග පොදු ප්‍රවාහනයේ වෙනසක්

පළාත් සංචරණ සීමා අද (31) අලුයම 4ට අවසන් කිරීමත් සමග හෙට සිට පළාත් අතර බස් රථ මෙන්ම දුම්රිය ද ධාවනය කිරීමට නියමිතයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පවසන්නේ දිවයිනේ සතරදිග්භාගයෙන් කොළඹට පැමිණෙන කාර්යාල සේවකයින් සඳහා විශේෂ බස් රථ සේවා ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ බස් රථ ධාවනයේ දී ආසනගත මගීන් පමණක් රැගෙන යා යුතු බවයි. මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසන්නේ හෙට (01) සිට සියලු මගීන්ට දුම්රියේ ගමන් කිරීමේ හැකියාව පවතින බවයි. ප්‍රවේශ පත්‍ර කවුළු හරහා මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතී. මීට පෙර දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර හිමිව තිබුණේ වාර ප්‍රවේශපත් හිමි මගීන්ට පමණයි.
 

More News..