brand logo

හෙට සිට වැසි හා සුළගේ වැඩිවීමක්

19 February 2020

හෙට(20) දින සිට ඉදිරි දින කිහිපයේදී වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සවස් කාලයේ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බදුල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

More News..