brand logo

හෙට සිට වැසි තත්වයේ වැඩි වීමක්

19 June 2020

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් හෙට(20) සිට ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නහිර,වයඹ,සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි වේ. බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මි.75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවා 2.00න් පමණ පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා විශේෂයෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු,උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මි.40-50ත් දක්වා වැඩිවිය හැක.
 

More News..