brand logo

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

29 November 2019

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට  (30) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. උතුරු, වයඹ, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන්ද, සෙසු පළාත්වල (විශේෂයෙන්ම දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල) ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 

More News..