brand logo

හෙට සිට පැය 3ක විදුලි කප්පාදුවක්

15 August 2022

විදුලි කප්පාදු කාලසටහනේ ලොකු වෙනසක්

හෙට (16) දින සිට ලබන 19 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලැබී ඇත. CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6ත් 8.30ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත. M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව තිබේ.
 

More News..