brand logo

හෙට සිට නිවසින් බැහැරව යන අයට දැනුම් දීමක්

12 May 2021

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලසීමාව තුළ අත්‍යාවශය කාර්යයන් සදහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින්ට අවසර හිමිවනුයේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ හැඳුනුම්පත නොමැති පුද්ගලයින්ට ඒ සඳහා විදෙස්ගමන් බලපත්‍රය භාවිත කළ හැකි බවයි. රාජකාරී සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යෑමේදී සියලුම පුරවැසියන් හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..