brand logo

හෙට සිට ගමනාගමනයට පැනවෙන සීමා

20 October 2021

වාහන ගමනාගමනය සීමා කිරීමට තීරණයක්

හොරණ - කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ, පොදු ප්‍රවාහන බස්රථ හැර සෙසු වාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (21) සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කෙරෙනු ඇත. කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස වාහන ගමනාගමනය සීමා කර ඇති අතර, රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.
 

More News..