brand logo

හෙට සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්

07 March 2019

හෙටට (08) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව හෙට (08) වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.59ට කාන්තාවන් සදහා වෙන් කෙරුණු දුම්රිය මැදිරිය ඇතුළත් දුම්රියේ මංගල ගමන ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කිරීමට නියමිතයි. කාන්තාවන් සඳහා වෙනම මැදිරි ක්‍රමය ලංකාවේ වසර ගණනකට පෙර ක්‍රියාත්මකව පැවතුන බවත් පසු කාලීනව එය අඩාල වුණා. දියුණු රටවල මෙම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඒ මහතා කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය හේතුවෙන් ඒවායේ ගමන් කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියන අපහසුතා සහ අතවරද නව මැදිරි ක්‍රමයෙන් වැළකෙනු ඇති බවද පැවසෙනවා. මේ අනුව කාර්යාල දුම්රියන් වන බංගදෙනිය,සාගරිකා,සමුද්‍රදේවී, රඹුක්කන,මහව,පව්සි යන දුම්රියන්හී තුන්වන පංතියෙන් එක මැදිරිය බැගින් වෙන් කරන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කළේ.
 

More News..