brand logo

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

07 July 2019

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (08) දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව ඇත. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.30ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. ලබන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබදව මෙම පක්ෂ නායක රැස්විමේ දී අවධානය යොමුකිරීමට නියමිතව ඇති අතර අදාළ පනත සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීම පිළිබද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
 

More News..