brand logo

හෙට මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්

12 November 2019

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂක ප්‍රවර්ධන කටයුත්තක් තහනම් වන අතර එලෙස කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. එමේන්ම සියළුම ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් අනිද්දා පාසල් වේලාවෙන් පසු අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීන් වෙත ලබා දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
 

More News..