brand logo

හෙට පෙරවරු 9.00 සිට කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

21 June 2019

හෙට (22) පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ජල සැපයුම පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුන බව මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරන අතර කොළඹ, දෙහිවල,ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම,බොරලැස්ගමුව, කොළොන්නාව, නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙලෙස ජල කප්පාදුව බලපැවැත් වෙයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය විසන්ධි කිරීම සහ ජුබිලි ජල සැපයුම් පද්ධතියේ අලුත්වැඩියාවක් නිසා මෙම පියවර ගෙන තිබේ.
 

More News..