brand logo

හෙට දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

27 June 2019

හෙට දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට දැඩි උණුසුම් කාලගුණයක් පැවැතිය හැකි බවයි. එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 

More News..