brand logo

හෙට ජනපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැක - අගමැති

11 September 2019

වත්මන් රජයේ වංචා හා දූෂණ විමර්ශනය සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තමන්ට හෙට දිනයේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බවට පවසමින් ඒ පිළිබඳව ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කොමිසමට දැනුම් දුන් බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ලබන 16 වනදා උදෑසන 9.30ට අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත් කර ඇත.
 

More News..