brand logo

හෙට තරඟයේදී කණ්ඩායම් දෙකේම වෙනසක්

12 March 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිත තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතයි. මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ උප නායක නිරෝෂන් දැක්වැල්ලට සිය ස්ථානය අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඊට හේතුවී තිබෙන්නේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණෙන දික්වැල්ල පළමු තරඟයේදී ලකුණු 8කට, දෙවන තරඟයේදී ලකුණු 6කට සහ තෙවන තරඟයේදී ලකුණු 2කට දැවී යාමයිි. මෙම තරඟයට ප්‍රියමාල් පෙ‌රේරා සහ ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිතය. වාර්තා වන අන්දමට උපුල් තරංගට ද නැවත හෙට (13) කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත. මේ අතර ඉදිරි තරඟ දෙක සදහා හෂීම් අම්ලා, ඒඩින් මාක්රම් සහ ජේ පී ඩුමිනි දකුණු අප්‍රිකානු එක්දින සංචිතයට කැදවා තිබේ. ඒ අනුව ඔවුන් හෙට (13) තරඟයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇත. හෙට (13) දිනයේ මෙම තරඟය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් හීදිය. එම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 5කට සහභාගි වී ඇති අතර, ඉන් ජය ගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණක් ය. අනෙකුත් තරඟ සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ. පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් පිටියේදී ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරඟයක් ජයගෙන ඇත්තේ 1998 වසරේදීය. කෙසේ වෙතත් හෙට (13) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එය වසර 21කට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමක් පෝර්ට් එලිසබත් හි ලද ජයග්‍රහණයක් බවට පත්වනු ඇත.
 

More News..