brand logo

හෙට තරඟයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

09 March 2019

එක්දින තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ අනුව කමිදු මෙන්ඩිස්ට සහ ඉසුරු උදානට අවස්ථාවක් ලැබීමට වැඩි ඉඩකඩක් පවතින බවට වාර්තා වනවා. එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු ද හෙට (10) පැවැත්වෙන තරඟයේදී කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ. ඉන් ගැටළුවක් ඇති වන්නේ නිරෝෂන් දික්වැල්ලට සහ උපුල් තරංගට වීම ද විශේෂත්වයක්. ඊට හේතුව වී තිබෙන්නේ දික්වැල්ල සහ තරංග ලකුණු අතර නොසිටීමයි. තරංග පළමු තරඟයට සහභාගි වූ අතර, ඔහු එහිදී ලබාගත්තේ ලකුණු 9ක් පමණයි. තරඟ දෙකටම ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පළමු තරඟයේදී ලකුණු 8ක් රැස්කර ගත් අතර, දෙවැනි තරඟයේදී ලබාගත්තේ ලකුණු 6ක් පමණයි. මෙම සියලු වෙනස්කම්වලට හේතුව වී තිබෙන්නේ තවත් මාස කිහිපයකින් ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියයි. එම තරඟාවලිය සදහා තෝරාගත යුතු සංචිතය වෙනුවෙන් මෙලෙස අත්හදා බැලීම් සිදුකිරීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබෙනවා. මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් ලබාගත් ලකුණු

තෙවන තරඟය පැවැත්වෙන ඩර්බන් පිටියේදී ශ්‍රී ලංකා ලද ජය පරාජයන්

 

More News..