brand logo

හෙට තරඟයට කණ්ඩායමේ මානසිකත්වය හොද බව ටෙස්ට් ක්‍රිකට් නායක සුරංග ලක්මාල් කියයි

13 November 2018

හෙට ආරමිභවිමට නියමිත එංගලන්ත ශ්‍රී ලංකා 2 වන ටෙිස්ටි ක‍්‍රිකටි තරගය ජයග‍්‍රහනය කිරම සදහා හොද මානසික තත්වයකින් කණ්ඩායම සිටින බවත් පසු ගිය තරයට වඩා හොදින් පිතිකරුවන් ලෙස පිතිකරනයේ යේදිම සදහා අවශ්‍ය පුහුනුවිමි ලබා ඇති බවත් හෙට තරගය පැවත්වෙන තනතිරුව දග පන්දු යවන්නන්ට උචිත තනතිරුවක් වනු ඇති බව ශි‍්‍ර ලංකා කන්ඩායමි නායක සුරංග ලක්මාල් අද මහනුවර පල්ලේකැලේ පැවති මාධ්‍ය හමුවෙි දි ප‍්‍රකාශ කළා. ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ තමන් නායකත්වය ගැන නොසිතන බවත් තමන්ගෙන් කන්ඩායමට අවශ්‍ය කුමක්ද එය ලබා දිම තම අරමුන බවයි ඒ සදහා කටයුතු කිරිම සිදු කරන බවයි. එක් තරගයක් පරාජය වුනා කියා මානසික වැටිමක් කන්ඩායමෙි නොමැති බවත්මෙි තරගාවලියේ රැඳී සිටිම සදහා අනිවාර්යයෙන්ම මෙම තරය ජයග‍්‍රහනය කිරීම අවශ්‍ය බවත් ඒ සදහා තමන් කනඩායම හොද සුදානමකින් සිටින බවයි. අකිල ධනංජය ගැටලුව ගැන සදහන් කරමින් ප‍්‍රකාශ කලේ තමන් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ මෙය ප්‍රශ්නයක් කර නොගන්නා ලෙසත් හොදින් පන්දු යවන ලෙස බවත් හොදින් පන්දු යැවීම අනුව හොද තත්වයකට ඒමට හැකිවිම මෙන්ම මෙි පිලිබදව අයිසිසිය කරන පරික්ෂනයට පෙනිසිටිමින් නිවැරදිතාවය පෙන් විය හැකි බවයි. ශ්‍රී ලංකා කන්ඩායමෙි හොද විනයක් ඇති බවත් එය සැම දෙනාටම සමාන බව ප‍්‍රකාශ කරන සුරංග ලක්මාල් ලහිරු කුමාරට ද එය එලෙසම බවත් එය ඔහුට හොද පාඩමක් වනු ඇති බවත් එම තත්වය දිගටම නොපවතිනු ඇති බව ද ප‍්‍රකාශ කලා. දැනට ආපදාවකට ලක්ව ඇති චන්දිමාල් වෙනුවට රොෂෙන් සිල්වා හෝ චරිත් අකලන්කගෙන් පුරවනු ඇති බවත් හේරත්ගේ පුරප්පාඩුවට ලක්ෂාන් සදකැන් හෝ මාලිංග පුෂ්පකුමාර ක‍්‍රිඩාකරනු ඇති බව ද ප‍්‍රකාශ කලා.
 

More News..