brand logo

හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිපදවන ගොවීන්ට රු. දස දහසක්

18 June 2021

හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට රුපියල් 10,000ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ බව තීරණය කර තිබේ. මේ අතර හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 500ක් ශාක පෝෂක ඇමෝනියම් හෙක්ටයාර ලක්ෂ 16ක් වෙනුවෙන් එම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම රජයේ අරමුණ වේ. එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත. සියලු පුද්ගලයින් හා ආයතන විසින් නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිලදී ගැනිමට ද වැඩපිළිවෙලක් සකස් කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
 

More News..