brand logo

හුස්ම සමඟ සටන් කළ 35ක් අද අවසන් ගමන් යයි

08 February 2022

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු  කළ මරණ

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක් වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 13ක් සහ පිරිමි පුද්ගලයන් 22ක් වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ එක් පිරිමි අයෙක් සහ කාන්තාවක් වශයෙන්. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15656ක් ලෙස වාර්තා වනවා. ඊයේ (07) තහවුරු කරන ලද මෙම මරණ අතරට අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4දෙනෙකු සහ එක් කාන්තාවක් අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 28ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 11ක් සහ පිරිමි 17ක් වශයෙන්.
 

More News..