brand logo

හුදෙකලා ප්‍රදේශවල විශ්‍රාම වැටුප්ලාභීන්ට පණිවුඩයක්

24 May 2021

මැයි මස විශ්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකි වූ හුදෙකලා කළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාළ තැපැල් කාර්යාල නිලධාරීන් සම්බන්ධ කර ගැනීමෙන් එම විශ්‍රාම වැටුප් ලබා ගැනීමට කටයුතු සලසා තිබේ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ හුදකලා කිරීම නිසා ඉතාමත් සුළු පිරිසකට විශ‍්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි වී තිබිය හැකි බවයි. එම වැටුප් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නැවත හරවා නොයවන බවද තැපැල්පතිවරයා පැවසීය. එම නිසා මැයි මස විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි වූ විශ්‍රාමිකයින් බිය විය යුතු නැති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..