brand logo

හුදෙකලා කළ මහල් නිවාස බලාගන්න දාපු 47කටත් කොවිඩ්

10 November 2020

කොළඹ හුදෙකලා කළ මහල් නිවාසවල පදිංචිකරුවන් හා පොලිසිය අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා දෛනික වැටුපට බඳවා ගත් කම්කරුවන්ගෙන් හතළිස් හත් දෙනකුටත් කොවිඩ් වැලඳී ඇතැයි අනාවරණය වී ඇත. හුදකලා කළ මහල් නිවාස පහේ වැසියන්ගේ අවශ්‍යතා සම්බන්ධීකරණය කර දීමට මහල් නිවාස සංකීර්ණවල සේවයේ යෙදවීමට හයසියයකට ආසන්න පිරිසක් දෛනික වැටුපට බඳවා ගෙන ඇත. එම පිරිස පෙරේදා (08 වැනිදා) සිට සේවයේ යෙදවීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ පසු හතළිස් හත් දෙනකුට කොවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි හෙළිවී තිබේ. මෙම කම්කරුවන්ට සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් ලබාදි ඇති අතර මහල් නිවාසයක එක මහලකට තිදෙනා බැගින් යොදවා තිබේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..