brand logo

හිස තෙල් ගෑමේ රාජ්‍ය උළෙල කැලණිය විදුලකර පිරිවෙ​නහිදී

16 April 2021

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17) සෙනසුරාදා කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේදී පැවැත්වේ. එදින පූර්ව භාග 7.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත්ද, පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග මිශ්‍ර නානුද, තෙල්ද ගා ස්නානය කිරීම මැනවි යනු ජ්‍යොතිෂ නියමයයි. දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යංශය මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සංවිධානය කරයි. ඩී. ඇන්. වීරරත්න - කැලණිය
 

More News..