brand logo

හිස් වූ මන්ත්‍රී අසුන අජිත් මාන්නප්පෙරුමට

08 April 2021

පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. ඒ මහතා එම මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණි. අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරිමෙන් අනතුරුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුදුසුස්සෙකු බවට පත්ව ඇති බැවින් නව වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ.
 

More News..