brand logo

හිස් වැසුම් නොමැතිව යතුරුපැදි පැද්ද 1298ක් අල්ලයි

03 April 2021

පසුගිය 31 වනදා සහ පසුගිය පළමු වනදා අතර පැය 48ක කාලය තුල යතුරුපැදි වැරදි 8957ක් සම්බධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්ප්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මේ අතර ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1298ක් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බවයි ඔහු වැඩිදුරටත් පසඳහන් කරයි. බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 264 දෙනෙකු ද එහිදී අත්අඩංගුවටගෙන තිබේ. යතුරුපැදි සම්බන්ධ මෙම විශේෂ මෙහෙයුම අද (03) දිනයේත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
 

More News..